Search

ඔක්තෝබර් 01 දා සිට මෙල්බන් ගුවන් තොටුපලේ නව රැකියා 900 ක්

මෙල්බන් සිට දෝහා දක්වා දෛනික 02 වන ගුවන් ගමනක්ද ආරම්භ කිරීමට කටාර් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

වික්ටෝරියා කර්මාන්ත සහාය අමාත්‍ය බෙන් කැරල් පැවසුවේ එමගින් නව රැකියා 900 ක් පමණ බිහිවනු ඇති බවයි.

ලබන ඔක්තෝබර් 01 දා සිට නව ගුවන් වාරය ආරම්භ වනු ඇති.

මේ අනුව දිනකට දෝහා දක්වා ගුවන් ගමන් 02 ක් සිදුකරන ඔස්ටේ්‍රලියාවේ එකම ගුවන් තොටුපළ බවට මෙල්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පත්වනවා.

මේ අතර කොවිඩ් වසංගතයට පෙර ඔස්ටේ්‍රලියාවේ ගුවන් ගමන් පැවති තත්වය ලබන වසර අවසානය වන තෙක් අපේක්ෂා කල නොහැකි බව නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

2019 වසරේ පැවති තත්වය හා සමාන වීමක් සිදුවන්නේ 2024 වසරේදී අවසාන කාර්තුවේදී බවයි එම වාර්තාව සඳහන් කරන්නේ.

කෙසේවෙතත් දේශීය ගුවන් ගමන් ජාත්‍යන්තර ගුවන් ගමන්වලට සාපේක්ෂව ඉක්මණින් ප්‍රකෘති මට්ටමට පත් වනු ඇති බවද මෙම වාර්තාව අනාවැකි පළකරනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »