ලංකාවත් පොළී අනුපාත ඉහළ දමයි – උද්ධමනය 70% දක්වා වැඩිවනු ඇතැයි අනාවැකි

ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉදිරි මාස කිහිපයේදී සියයට 70 දක්වා වැඩිවිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අගවනවා.

එය තවත් ඉහළ ගියහොත් රටේ ව්‍යාපාර පවත්වාගෙන යාමට පවා නොහැකි තත්වයක් උදාවනු ඇති බවටයි ඔහු අනතුරු අගවා සිටියේ.

මහ බැංකුවේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කලා.

ඉන්ධන මිළ සූත්‍රයක් ක්‍රියාත්මක වුවද ලංකා ඛණිජ තෙල් සංස්ථාව තවමත් අලාභ ලබන තත්වයක් උදාවී ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා.

මූල්‍ය ප්‍රතිපත්තිය තවත් දැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5 දක්වාද – ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය සියයට 15.5 දක්වාද ඉහළ නැංවීමටයි මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.

රට තුළ පවතින ආර්ථික තත්වය සහ උද්ධමනය පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉදිරියේදීත් උද්ධමනය වැඩිවිය හැකි නමුත් ක්‍රම ක්‍රමයෙන් එය පාලනය වනු ඇති බවටයි මහ බැංකුවේ මාසික මූල්‍ය විවරණයෙන් අනාවැකි පළකර ඇත්තේ.

මෙම වසරේ මුල් කාර්තුවේදි ශ්‍රී ලංකා ආර්ථික වර්ධන වේගය සටහන්වී ඇත්තේ සියයට 1.6 ක් වැනි අඩු අගයකයි.

බලශක්ති අර්බුදය ඊට මූලික හේතුව වී තිබෙනවා.

ජූනි මාසය අවසන්වනවිට මෙරට විදේශ සංචිත ප්‍රමාණය සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 1.9 ක් ලෙසයි.

ඉන් ඩොලර් බිලියන 1.5 ක්ම චීනයෙන් ලද ණය පහසුකම යටතේ හිමිවූ අරමුදල් වනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා ප්‍රගතිදායක මට්ටමක පවතින බවයි මහ බැංකුව මීට ස්වල්ප වේලාවකට පෙර නිකුත් කල වාර්තාවේ දැක්වෙන්නේ.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »