සිංහල කථා කරන වැඩිම ලාංකිකයන් Clyde North ප්‍රදේශයේ / බුදු දහම අදහන්නන් ඉහළට

දැනට ඔස්ටේ්‍රලියාව තුළ වාසය කරන ශ්‍රී ලාංකිකයන් අතුරින් සිංහල භාෂාව කථා කරන පුද්ගලයන් අතුරින් වැඩිම පිරිසක් වාසය කරනුයේ මෙල්බන් හි Clyde North ප්‍රදේශයේ බව තහවුරු වී තිබෙනවා.

2021 වසරේ ජන හා නිවාස සංගණනයට අනුව එම සංඛ්‍යාව 2,512 ක්.

දෙවන ස්ථානය Craigieburn ප්‍රදේශයට හිමිවී ඇති අතර එහි සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 1,980 ක් පදිංචිවී සිටින බව සඳහන්.

Berwick ප්‍රදේශයේ සිංහල භාෂාව කතා කරන පුද්ගලයින් 1,888 ක් පදිංචි වී සිටින අතර එය ලැයිස්තුවේ 3 වන ස්ථානයට පත්ව තිබෙනවා.

2021 වසරේ සංගණනයට අනුව සිංහල භාෂාව කතා කරන වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් පදිංචිවී සිටින පළමු උප නගර 10 ම වික්ටෝරියා ප්‍රාන්තයෙන් වීම විශේෂත්වයක්.

නිවසේදී සිංහල භාෂාව කතා කරන සංඛ්‍යාව 85,869 ක් ලෙස මෙවර සංගණනයේදී වාර්තා වූ අතර 2016 වසරේදී එම සංඛ්‍යාව 64,612 ක් ලෙස පැවතුණා.

එයින් වැඩිම පිරිසක් වාසය කරන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර එම අගය 49,501 ක් වන අතර 2016 වසරේදී එම ප්‍රමාණය 37,423 ක් ලෙසයි සටහන් වූයේ.

මේ අතර ඔස්ටේ්‍රලියාවේ වාසය කරන සිංහල භාෂාව කතා කරන පුද්ගලයින්ගෙන් 54,603 ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් වනවා.

ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් බහුතරයකගේම ආගම බුද්ධාගම වන අතර එම සංඛ්‍යාව 64,839 ක්.

එය ප්‍රතිශතයක් ලෙස 75.5% ක් වන අතර 2016 වසරේ සංගණනය සමග සසඳන කල එය 1% ක වර්ධනයක් වනවා.

ඔස්ට්‍රේලියාව තුළ සිංහල භාෂාව කතා කරන පුද්ගලයන්ගෙන් කතෝලිකයින් 13,380 ක් වෙසෙන අතර එය 15.6% ක ප්‍රතිශතයක් ලෙසයි සටහන් වන්නේ.

නමුත් 2016 වසරේ සංගණනය සමග සසඳන කල එය 0.8% ක පහළ යාමක් වනවා.

SOURCE : ABS / SBS

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »