මුදල් ඇමතිකමින් රනිල් ඉල්ලා අස්විය යුතුයි – ධම්මික

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඔහු දරන මුදල් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

අද (09) පෙරවරුවේ ඔහු මේ අදහස් දැක්වූ අතර එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ රනිල් වික්‍රමසිංහ හට මෙමෙට ඩොලර් ගෙන ඒමට කිසිදු සැලැස්මක් නොමැති බවයි.

අපි එන්න එන්නම අරගල කරනවා. අරගල කළ කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ. මම ආණ්ඩුවට ඇවිල්ලා දවස් 7යි. මම දැක්කා මේකේ මොකද වෙන්නේ කියලා.

ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට රනිල් වික්‍රමසිංහ කරන මේ දේශපාලන ගේම් එක මෙතැනින් නවත්වන්න වෙනවා. මොකද එයාට ඩොලර් ගේන හැම ‌ප්‍රොජෙක්ට් එකක්ම නවත්වනවා. එයාට කිසිම ප්ලෑන් එකක් නැහැ රටේ කෑෂ් ෆ්ලෝ එක සම්බන්ධව. එ

යාට කිසිම ප්ලෑන් එකක් නෑ. මිනිස්සුන්ට කන්න දෙන විදිය සම්බන්ධව. කිසිම ප්ලෑන් නැහැ ඩොලර් ගේන විදිය සම්බන්ධව.

මම හිතනවා එයා මේ වෙලාවේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කිය කිය ඇවිදින්නේ නැතුව ෆිනෑන්ස් මිනිස්ටර් හැටියට, මට ඇත්තටම ප්‍රයිම් මිනිස්ටර් හැටියට ප්‍රශ්නයක් නැහැ. ඔහු මුදල් ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. (… the minister of finance should resign)

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »