අනවසරයෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 53 ක් නාවික භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ සහ මන්නාරම තාල්පාඩු  වෙරළ ප්‍රදේශයේ 2022 ජුලි මස 05 වන දින රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 53 ක් සමග ජාවාරම්කරුවන් 02 දෙනෙකු  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අනවසර සංක්‍රමණ ඇතුළු මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණෙන් දිවයින වටා වූ මුහුද හා වෙරළාශ්‍රිත ප්‍රදේශයන් ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, 2022 ජුලි මස 05 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය, කුච්චවේලි පොලිසීයේද සහය ඇතිව ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදී.

එහිදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමේ අරමුණින් එම වෙරළ ප්‍රදේශයේ රැදී සිටි බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 12 ක්, කාත්තාවන් 11 ක් හා ළමුන් 23 දෙනෙකු ඇතුළු 46 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාව භාරයට ගත් වයස අවුරුදු 01 ත් 52 ත් අතර වයසේ පසුවන සැකකරුවන් පිරිස කින්නියා, මූතූර් සහ කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

මීට අමතරව, 2022 ජුලි මස 05 වන දින රාත්‍රී කාලයේ උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මඟින්ද මන්නාරම, තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වෙනත් රටකට නීති වි‍රෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයන් 03 ක්  කාන්තාවක් (01) සහ කුඩා ළමුන් 03 ක් ඇතුළු 07 දෙනෙකු සමඟ එම ජාවාරමට සම්බන්ධ ජාවාරම් කරුවන් 02 ‍ක් තාල්පාඩු වෙරළ තීරයේදී ඩිංගි යාත්‍රාවක්ද සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.

ඒ අනුව, වයස අවුරුදු 05 ත් 48ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස කොළඹ, බදුල්ල, වව්නියා සහ මාන්නරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »

රෝගයක් පැතිර යාම ඉහළ යාම නිසා ජනතාවට අනතුරු ඇඟවීමක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගතවූ සතියක කාලයක් තුළ පුද්ගලයින් 2000 කට වැඩි පිරිසකට උණ රෝගය වැළඳී ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

තවමත් 3G භාවිතා කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ 3G සන්නිවේදන ජාලය ක්‍රියාකාරීත්වයේ පවතින අවසන් මාස කිහිපය ගතවෙමින් තිබුණ ද මිලියන භාගයක පමණ පිරිසක් තවමත් 4G ජාලයට යාමට සූදානමක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.

Read More »