Search

දශක ගණනාවකට පසු පළමු වරට නිවු සවුත් වේල්ස් මාර්ග සේවකයන් හෙට වර්ජනයක

දශක ගණනාවකට පසු පළමු වරට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග සංවර්ධන සේවකයන් හෙට පැය 24 ක වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සියයට 03 ක වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නොමැති බවට චෝදනා කරමිනුයි.

මේ අනුව නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මාර්ග සේවකයන් – කොන්ත්‍රාත් කාර්ය මණ්ඩල ඇතුලු අංශ ගණනාවක් හෙට උදාසන 06 සිට වර්ජනයකට එක්වනු ඇති.

ප්‍රාන්තයේ දුම්රිය සේවකයන් – හෙදියන් – ගුරුවරුන් ඇතුලු පාර්ශව ගණනාවක් විසින්ද ගතවූ සති කිහිපය තුළ වැඩ වර්ජනවල නිරත වූයේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි.

කෙසේවෙතත් ප්‍රාන්තයට බලපා ඇති ජල ගැලීම් තත්වය හමුවේ සහන සේවා අඩාල නොවන පරිදි මෙම වර්ජන ක්‍රියාත්මක කරන බවටයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති දන්වා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »