ඔස්ටේ්‍රලියාවට එන සංචාරකයන්ට අද රෑ සිට සහන රැසක්

කොවිඩ් එන්නත්කරණ තොරතුරු ඉදිරිපත් කිරීමකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට ජාත්‍යන්තර සංචාරකයන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට අවස්ථාව උදාවනවා.

ඒ අනුව සියලුම වීසා බලපත්‍රලාභීන්ට travel exemption හෙවත් සංචාරක නිදහස් කිරීමක් නොමැතිව ඔස්ට්‍රේලියාවට යාම් ඒම් සිදුකළ හැකි වනවා.

සංචාරකයන් මෙන්ම පුහුණු ශ්‍රමිකයන් රටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට මෙය ඉවහල් වනු ඇති බවයි ෆෙඩරල් රජය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ගුවන් තොටුපළවල තදබදය අවම වනු ැතැයිද අපේක්ෂා කෙරෙනවා.

මෙම අවශ්‍යතා ඉවත් කිරීමත් සමඟ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ද නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීම වඩාත් පහසු වනු ඇති බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනිය ප්‍රකාශ කළා.

කෙසේවෙතත් තෝරාගත් ගුවන් ගමන් සහ ස්ථානවල මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යව පවතිනවා.

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »