Cash rate අගය අඛණ්ඩව 02 වන මාසයටත් ඉහලට – දැන් අගය සියයට 1.35 යි

ඔස්ටේ්‍රලියා තුල Cash rate අගය තවත් ඒකක 0.5 කින් ඉහල දමා තිබෙනවා.

ඒ අනුව එහි නව අගය සියයට 1.35 ක් වන බවයි Reserve Bank of Australia නිවේදනය කලේ.

පවතින ඉහල උද්ධමනය හමුවේ ඉදිරියේදී Cash rate අගය තවත් වැඩිවනු ඇතැයිද ඔවුන් අනතුරු අගවා සිටිනවා.

1990 වසරෙන් පසු පිට පිට මාස 02 කදී අගය ඉහල දමන ලද පලමු අවස්තාව මෙයයි.

Reserve Bank of Australia පුරෝකතන අනුව මෙම වසර අවසානය වනවිට මෙරට උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහල යාමට නියමිතයි

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »