
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට මාස 06 කින් රට ගොඩනැගීමට හැකි නම් ඔහුට ඉඩදී තමා ඉවත්වීමට සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කියයි.
එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද අද දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවන් සම්බන්ධයෙන් මෙන්ම රටේ වත්මන් ආර්ථික තත්ත්වය ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අදහස් පළකලා.

එම ප්‍රකාශයට බාධා කරමින් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස (ගෝඨා ගෝ හෝම්) කියමින් කෑ ගහනු පෙනෙන්නට තිබුණා.
ප්‍රකාශය අතර වාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පාඨ කියමින් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.

පාර්ලිමේන්තුව විනාඩි දහයකට පසු නැවත රැස් වූ අතර ජනාධිපතිවරයා සභා ගර්භයේ සිටියේ නැත.