ඔස්ටේ්‍රලියා Student වීසා ලැබුණු 115,000 ක් තවමත් පිටරටවල

ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා ලැබී ඇති 115,000 කට ආසන්න පිරිසක් තවමත් මෙරටට පැමිණ නොමැති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කල වාර්තාවක් අනුව දැනට ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා බලපත් හිමි සංඛ්‍යාව 469,306 ක්.

ඉන් 354,475 දෙනෙකු මේ වනවිට ඔස්ටේ්‍රලියාව තුළ සිටින අතර 114,831 දෙනෙකු තවමත් මෙරටට පැමිණ නැහැ.

ඔස්ටේ්‍රලියා දේශ සීමා විවෘත කිරීම සහ මැයි මාසය අවසානය වන තෙක් කාලය තුළ ගොණු කර තිබූ සමස්ත වීසා අයදුම්පත් ගණන ලක්ෂ 14 කට ආසන්නයි.

ඉන් මිලියන 1.22 කට ආසන්න පිරිසකට මේ වනවිටත් වීසා බලපත් නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

2021 නොවැම්බර් 22 වනදා සිට මෙම වසරේ මැයි 22 වනදා දක්වා කාලය තුළ ඔස්ටේ්‍රලියාවට පැමිණි ශිෂ්‍ය වීසා ලාභීන්ගෙන් වැඩිම පිරිස ඉන්දියාවෙන් වන අතර දෙවන ස්ථානය චීනයට ලැබී තිබෙනවා.

 India 34,035
 China 25,689
 Nepal 18,889
 Vietnam 7,172

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »