ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා අවසන් කිරීමට නව පියවර කිහිපයක්

ගොඩ ගැසී ඇති ශිෂ්‍ය වීසා අයදුම්පත් සළකා බලා අවසන් කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව පියවර කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ වීසා නිළධාරින් අතිකාල රාජකාරිවල නිරත වන අතර සති අන්තයේ සහ මහජන නිවාඩු දිනවලදී පවා සේවය කරනු ඇති.

ඊට අමතරව වීසා නිළධාරීන් පිරිසක් අලුතින් බඳවා ගෙන ඇතැයිද ස්වදේශ දෙපාර්තමේන්තුව නිවේදනය කලා.

එක් අයදුම්පත්‍රයක් සඳහා වැය කරන කාලය හැකිතාක් අඩු කිරීමද නව පියවර අතරට ඇතුළත් වනවා.

ස්වදේශ දෙපාර්තමේන්තුව ශිෂ්‍ය වීසා අයදුම්කරුවන්ට දන්වා සිටින්නේ හැකිතාක් කල් ඇතිව වීසා අයදුම්පත් යොමු කරන ලෙසයි.

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »