Search

මාරාන්තික කොවිඩ් පැතිරීමකට St Basil’s Homes aged care මධ්‍යස්ථානයට චෝදනා

Occupational Health and Safety පනත යටතේ උල්ලංඝනය කිරීම් නවයක් සම්බන්ධයෙන් Worksafe Victoria විසින් St Basil’s Homes aged care මධ්‍යස්ථානය වෙත චෝදනා කර තිබේ.

2020 දී Fawkner residential aged care මධ්‍යස්ථානයේ මාරාන්තික COVID-19 පැතිරී යාමෙන් පසුව කොවිඩ් වයිරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ aged care නිවැසියන් 94 දෙනාගෙන් 45 දෙනෙකු COVID-19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මිය ගිය බව Worksafe Victoria පැවසුවේය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 26 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 24 ක්ද  නිව් සවුත් වේල්ස් සහ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලින් එක් මරණය බැගින්ද ඊට ඇතුලත්වේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි පුරා රෝහල්වල සිටින COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතව ඇති කොවිඩ් රෝගීන් 1,725 ක් සිටින අතර එය අප්‍රේල් 28 වනදායින් පසුව ඔවුන්ගෙන් වාර්තා වූ ඉහළම අගය වේ.

-SBS-

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »