Search

ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සියයට 60 කින් පහළට

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කලේ රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.

ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ 6000ක්.

එහෙත් ඉකුත් ජූනි මාසයේ සංචාරකයින් පැමිණීම 32, 856 ක් දක්වා අඩු වී ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.

ජූලි සහ අගෝස්තු යනු ශ්‍රී ලංකාවට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන මාස දෙකක්.

මෙම කාලය තුළ එළෙස පැමිණෙන සංචාරකයින් නැගෙනහිර මුහුදු බඩ ප්‍රදේශයේ වැඩි වශයෙන් සංචාරයේ නිරත වනවා.

ඊට අමතරව අගෝස්තු මාසයේදී සංචාරකයින් මහනුවර ප්‍රදේශයේද වැඩි වශයෙන් සංචාරය කිරීමට පුරුදුව සිටින බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ සඳහන් කළේ.

එහෙත් පවතින තත්ත්වය හමුවේ මෙරට සංචාරක හෝටල්වල පෙර වෙන්කරවා ගැනීම් සියයට 40 ක් පමණ මේවනවිට විදෙස් සංචාරකයින් විසින් අවලංගු කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »