Search

ක්වීන්ස්ලන්ඩ් ප්ලාස්ටික් තහනම තවත් පුලුල් කරයි

තනි භාවිත ප්ලාස්ටික් තහනම තවත් පුලුල් කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක වන පරිදි plastic microbeads, polystyrene packing peanuts and plastic-stemmed cotton buds යන වර්ගද අලෙවිය තහනම් වනු ඇති.

එමෙන්ම එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන කෝපි කෝප්ප භාවිතය ඉදිරි වසර 05 තුළදී මුලුමනින්ම භාවිතය නතර කිරීමද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ තවත් සැළසුමක් වනවා.

විවාහ මංගල උත්සව – විවිධ සාද වැනි අවස්ථාවලදී පරිසරයට මුදා හැරෙන වායු බැලූන තහනම් කිරීමද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයේ තවත් අරමුණක්.

2027 වසර වනවිට තවත් ප්ලාස්ටික් වර්ග ගණනාවක් තහනම් කිරීමටද ඔවුන් සැළසුම් කරමින් සිටිනවා.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »