Search

වික්ටෝරියා අනිවාර්ය ගෑස් සම්බන්ධතා නීතිය ඉවතට

වික්ටෝරියා ප්‍රාන්තයේ නව නිවසක් හෝ ඒකකයක් ඉදි කිරීමේදී අනිවාර්යයෙන් පැවති අවශ්‍යතාවයක් වන ගෑස් සැපයුම් සම්බන්ධතාවයක් තිබිය යුතු බවට වන නීතිය ඉවත් කර තිබෙනවා.

විදුලි හෝ වෙනත් පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතා වෙත මහජනතාව යොමු කිරීම අරමුණු කරගෙන එම පියවර ගන්නා බවයි ප්‍රාන්ත රජය නිවේදනය කරන්නේ.

ගෑස් සහ ගල් අගුරු හිගය හමුවේ මේ වනවිට ඔස්ටේ්‍රලියාව මුහුණු දී ඇති බලශක්ති අර්බුදයට එක් විසඳුමක් ලෙසයි මෙම පියවර ගෙන ඇත්තේ.

ගෑස් භාවිතය නතර කර ගැනීමට හැකි වුවහොත් ඩොලර් බිලියන ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි වික්ටෝරියා බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලබන වසර අවසානය වනවිට ගෑස් යොදාගෙන සිදුකෙරෙන සියලු නිෂ්පාදන කටයුතු නතර කිරීමටත් වික්ටෝරියා ආණ්ඩුව සැළසුම් කරමින් සිටින බව සඳහන්.

ගෑස් වෙනුවට පූර්ණව විදුලිය භාවිත කලහොත් වසරකට ඩොලර් 1020 ක් දක්වා මෙන්ම සූර්ය බල විදුලිය භාවිත කලහොත් ඩොලර් 1250 ක් දක්වා වන ගාස්තු ඉතිරියකට යාමට වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට හැකිවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »