2020 ජනවාරි මාසයේදී කොවිඩ් වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවේ COVID-19 ආසාදිත පුද්ගලයින් 9,897 ක් මියගොස් ඇති බව දත්ත පෙන්වා දෙයි.
මෙම අගය සති අන්තයේ 10,000 සීමාව ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අද (ජූලි 01) ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය අමාත්‍යවරුන් හමුවෙයි.
ඔහු අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා COVID-19 ප්‍රතිකාර සඳහා ප්‍රවේශය ගැන කතා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ නව ආසාදන, රෝහල්ගත කිරීම් සහ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති හෙයින් නව රැල්ලක් ගැන සෞඛ්‍ය අමාත්‍ය Mark Butler අනතුරු අඟවා තිබේ.
මෙතෙක් ගෙවූ වසංගත නිවාඩු ආපදා ගෙවීම ජූලි 01 සිට නවත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
මෙම වැඩසටහන 2020 අගෝස්තු මාසයේදී හඳුන්වා දුන් දා සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය රට පුරා සිටින පුද්ගලයින්ට ඩොලර් බිලියන 1.89 කට අධික මුදලක් ගෙවා ඇත.
-SBS-