ලබන 03 දා සිට Go Gota Go ට මෙල්බන්වල ස්ථිර පදිංචියක් ?

මෙල්බන් ඇඹුල අවන්හල් ජාලයේ නවතම එළිදැක්වීම Go Gota Go සුපිරි වෙළඳ සැල ලබන 03 වනදා විවෘත කෙරෙනවා.

Berwick හියි එය ස්ථාපිත කර ඇත්තේ.

ජූලි 03 වනදා පෙරවරු 11 ට Go Gota Go සුපිරි වෙළඳ සැල නිල වශයෙන් විවෘත කිරීමට නියමිත බව ඇඹුල නිර්මාතෘ චම්පික චතුරංග මද්දුමගේ පවසා සිටියා.

මේ සඳහා Go Gota Go යනුවෙන් යොදාගැනීමට හේතු කිහිපයක් පවතින බව ඔහු AusLanka TV වෙත ප්‍රකාශ කලා.

“Go Gota Go නම් මේ වදන ටික කාලයකින් අමතක වෙන්න පුලුවන්.. හැබැයි මට ඕනා උනේ තව චිරාත් කාලයක් ඒක ජනතාව අතර පවත්වාගෙන යන විධිහේ කටයුත්තක් කරන්න…

ඊට අමතරව මගේ තියෙන්නේ ටිකක් අමුතු වෙළඳ ප්‍රචාරණයක්… ඒකත් මේ නම භාවිත කරන්න එක හේතුවක් උනා…

මම ආරාධනා කරනවා මෙල්බන් වල ඉන්න සියලුම ලාංකිකයන් ඇතුලු ඕනෑම අයෙකුට Shop No 03, 240, Clyde Rd, Berwick හි පිහිටා ඇති Go Gota Go සුපිරි වෙළඳ සැලට ගොඩවෙන්න ලබන ජූලි 03 වනදා සිට…

ඔබ නොසිතූ මිල ගණන්වලට වියළි ආහාර ද්‍රව්‍ය ඇතුලු නිෂ්පාදන රැසක් මිළදී ගන්න පුලුවන්…

මගේ විශේෂ ස්තූතියක් පුද කරනවා සමස්ත ඇඹුල කාර්ය මණ්ඩලය ඇතුලු මට සහය දුන් සියලු දෙනාට මේ කාර්යය සාර්ථක කරගන්න උපකාර කිරීම ගැන”

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »