වසර 25 කට පසු නිවු සවුත් වේල්ස් ගුරුවරුන් වර්ජනයක

ගුරුවරුන් ආරම්භ කර ඇති වර්ජනය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙ පාසල් රැසක අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වි තිබෙනවා.

වාර්තා පවසන්නෙ ඇතැම් පාසල්වල අද දිනයේදී කිසිදු ඉගැන්වීම් කටයුත්තක් සිදුවී නොමැති බවයි.

වැඩි වැටුප් සහ සේවා උසස්වීම් ඉල්ලමිනුයි ගුරුවරුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

මේ අතර සිඩ්නි CBD හිදී අද පෙරවරුවේ දැවැන්ත පෙළපාලියක් පැවති අතර 20,000 කට අධික පිරිසක් ඊට එක්ව සිටියා.

වසර 25 කට පසු නිවු සවුත් වේල්ස් ගුරුවරුන් වර්ජනයකට එක්වූ පළමු අවස්ථාවද මෙයයි

https://twitter.com/JemmaPepper_/status/1542320057501745152?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1542320057501745152%7Ctwgr%5Ehb_1_10%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-today-live-russia-ukraine-updates-latest-headlines-june-30-2022%2F61ea631e-7746-4e13-b7a0-37424c864e40

https://twitter.com/lizziepearl/status/1542307374253219840?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1542307374253219840%7Ctwgr%5Ehb_1_10%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Faustralia-breaking-news-today-live-russia-ukraine-updates-latest-headlines-june-30-2022%2F61ea631e-7746-4e13-b7a0-37424c864e40

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »