
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රි ලංකාව විසින් දිනා ගනු ලැබුවා.
ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට යි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේ.
ශ්‍රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරගයට එක්වන අතර පැට් කමින්ස් ඔස්ටේ්‍රලියා පිලේ නායකයා ලෙස කටයුතු කරනවා.

අද ආරම්භ වන තරගය ඔස්ටේ්‍රලියා හිටපු සුපිරි ක්‍රීඩක ශේන් වෝන් අනුස්මරණය සඳහා වෙන්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.
මෙම තරගාවලිය වෝන් – මුරලි කුසලානය ලෙස ද නම්කර තිබෙනවා.

දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.