ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මිලියන 08 කට කුමන හෝ දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුවක්

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් මිලියන 08 කට පමණ කුමන හෝ දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුවක් පවතින බව මෙවර ජන සංගණනයේදී අනාවරණ වී තිබෙනවා.

ලක්ෂ 22 කට වැඩි පිරිසකට මානසික රෝග – ලක්ෂ 21 කට පමණ හන්දිපත් රුදාව සහ ලක්ෂ 20 කට පමණ ඇදුම රෝගය පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

මෙම රෝග අතුරින් දෙකක් පවතින බවට ප්‍රකාශ කර තිබූ සංඛ්‍යාව ලක්ෂ 15 කට ආසන්න වී තිබුණා.

එමෙන්ම 750,000 ක පමණ පිරිසක් පවසා තිබුණේ මෙම රෝග 03 න්ම තමන් පීඩා විඳින බවයි.

වයස් කාණ්ඩ සැළකිමේදී අවුරුදු 65 ට වැඩි ජනගහනයෙන් 3/5 ක් පමණ මින් එක් රෝගයකින් හෝ පීඩා විඳින අතර 15-34 වයස් කාණ්ඩයේ 1/5 ක් පමණ පවසා තිබුණේ තමන් එක් රෝගී තත්වයකින් හෝ පෙළෙන බවයි.

වයසින් අඩු පිරිස් අතර වැඩිපුරම දක්නට ලැබුණු දීර්ඝ කාලීන සෞඛ්‍ය ගැටලුව වන්නේ ඇදුම රෝගයයි.

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »