
අද අලුයම 02.00 සිට ඉන්ධන මිල ගණන් වැඩි කිරීමත් සමග එක් එක් ඉන්ධන වර්ග ආනයනය කිරීමේදී, ගොඩබෑම් ගාස්තු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නව මිල ගණන් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 යි සත 57 ක, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68 යි සත 61 ක සහ ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 20 යි සත 27 ක ලාභයක් ලබමින් සිටින බවයි අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති ලේඛණයේ දැක්වෙන්නේ.
කෙසේවතත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 08 යි සත 52 ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 334 යි සත 39 ක පාඩුවක් තවමත් සිපෙට්කෝ සමාගම පාඩු ලබමින් සිටින බවද අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා.

අද (26) අලුයම 2.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජතෙල් නිතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470 ක්.

එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 550 ක් ලෙසින්.
මේ අතර මෙම මිල සංශෝධනයට අනුව ලංකා Auto ඩීසල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් ඉහල නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460 ක් වනවා.
තවද ලංකා සුපිරි ඩිසල් මිලද රුපියල් 75 කින් ඉහල නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520 ක්.
මේ අතර ලංකා අයි ඕ සී සමාගමද සිපෙට්කෝ මිළ ගණන්වලට සමගාමීව ඉන්ධන මිළ ගණන් ඉහළ දමා තිබෙනවා.