“The Punisher” ට මෙල්බන් හිදී වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන

මෙල්බන් හිදී පළපුරුදු බොක්සින් ක්‍රීඩකයෙකු වන Sam Abdulrahim ට වෙඩි තැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

“The Punisher” නමින් ජනප්‍රිය ඔහුට Fawkner Cemetery අසළදී ඊයේ වෙඩි ප්‍රහාර 03 ක් එල්ලවී තිබුණා.

ඔහුගේ තත්වය අසාධ්‍ය නමුත් ජිවිත අවදානමක් නොමැති බව සඳහන්.

මෙල්බන් නගරයේ ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් තමා මෙන්ම වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියද සැහැල්ලුවෙන් නොසළකන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසා සිටියේ.

වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථයක් සොයාගත් බවද පොලිසිය ප්‍රකාශ කලා.

යාචකයන් නිසා ජාත්‍යන්තර සමුලුවක් ශ්‍රී ලංකාවට අහිමි වෙයි

2025 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ නිෂ්පාදකයන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ අන්තර්ජාතික වාර්ෂික සමුළුව එහි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Read More »

සිඩ්නි උද්‍යානයක තවත් පිහි ඇනුමක්

සිඩ්නි හෙබර්ෂාම් ප්‍රදේශයේ උද්‍යානයක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර පුද්ගලයෙකුට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෑත කාලීන ඔස්ට්‍රේලියානු ළදරුවන්ට නම් තියන හැටි අධ්‍යයනයකින් හෙළිවෙයි

අලුත උපන් ඔස්ට්‍රේලියානු ළදරුවන් සඳහා නම් තැබීමේ දී ශාඛ නාම, විවිධ වර්ණ සහ මැණික් වර්ගවල නම් භාවිත කිරීමට දෙමාපියන් වැඩි වශයෙන් යොමු වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීමෙන් සුනාමි අවදානමක්

ඉන්දුනීසියාවේ රුආන්ග් ගිනිකන්ද යළිත් පුපුරා යාමත් සමඟ සුනාමි අවදානමක් හේතුවෙන් 12,000ක් පමණ ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Read More »