අගමැති ඇල්බනීස් අද යුරෝපා සංචාරයකට යයි

ස්පාඤ්ඤයේ පැවැත්වෙන නේටෝ සමුලුවට සහභාගීවීම සඳහා අගමැති ඇන්තනී ඇල්බනීස් අද පිටත්ව යනවා.

2008 වසරේදී කෙවින් රඩ් අගමැතිවරයා ලෙස සිටි කාලයේදී ඔස්ටේ‍රලියානු අගමැතිවරයෙකු නේටෝ සමුලුව නියෝජනය කිරීමෙන් පසු මෙරට අගමැතිවරයෙකු ඊට සහභාගී වන පළමු අවස්ථාව මෙයයි.

යුක්රේන රුසියා අර්බුදය සහ ඉහළ යන ඉන්ධන මිළ මෙවර නේටෝ සමුලුවේද්ී වැඩි අවධානයක් දිනා ගනු ඇති.

ප්‍රංශය සමග දැනට පලුදුවී පවතින සබඳතා නැවත ශක්තිමත් කරගැනීමට එරට ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සමග පැවැත්වෙන සාකච්ඡාවකටද අගමැති ඇල්බනීස් මෙම යුරෝපා සංචාරයේදී කටයුතු කරනු ඇති.

https://www.9news.com.au/national/albanese-heads-to-nato-summit-as-he-faces-trouble-back-home/87ebeef4-e186-4296-ab41-f1075bb70f90

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »