නිවු සවුත් වේල්ස් දුම්රිය රියදුරන් – හෙදියන් – ගුරුවරුන් ලබන සතියේ වර්ජනයේ

ලබන සතිය පුරා සංවිධාන කර ඇති විවිධ වර්ජන හේතුවෙන් ජන ජීවිතය අඩාලවිය හැකි බවට සිඩ්නි නගරවාසීන්ට අනතුරු ඇගවීමක් සිදුකෙරෙනවා.

අගහරුවාදා දිනයේදී දුම්රිය රියදුරන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට නියමිතයි.

පැයට කිලෝමීටර් 60 ක උපරිම වේගයෙන් ඔබ්බට දුම්රිය ධාවනයක් එහිදී සිදුනොකරන බවයි ඔවුන් දන්වා සිටින්නේ.

සිකුරාදා වනවිට විදේශීය නිෂ්පාදිත දුම්රිය ධාවනයෙන්ද ඔවුන් ඉවත්වනු ඇති.

වැඩි වැටුප් ඉල්ලා ඔවුන් මෙම වර්ජනය සැළසුම් කර ඇති අතර සියයට 03 ක වැටුප් වර්ධකයක් දිය හැකි බවට ඊයේ දිනයේදී ප්‍රාන්ත රජය විසින් දැනුම්දීමක් සිදුකර තිබිණ.

නිවු සවුත් වේල්ස් හි හෙදියන්ද ලබන අගහරුවාදා දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹීමට සූදානමින් පසුවනවා.

මේ අතර ගුරුවරුන් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී සේවයෙන් ඉවත්වීමට නියමිතයි.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ නීති විරෝධී අන්දමින් වර්ජන සිදුකලහොත් උපරිම දඩ පණවන බවයි.

ඒ අනුව පළමු දිනයේදී ඩොලර් 55,000 ක දඩයක්ද අනතුරුව වර්ජනයේ නිරත වන සෑම දිනයකටම ඩොලර් 27,500 බැගින්ද දඩ අයකෙරෙනු ඇති.

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »