ඔස්ටේ්‍රලියාවේ රක්ෂණ සමාගම් 05 ක රක්ෂණ හිමියන්ට සුභ පණිවිඩයක්

සෞඛ්‍ය රක්ෂණ සඳහා වැය කල මුදල්වලින් කොටසක් ගණුදෙනුකරුවන් වෙත ආපසු ගෙවීමට ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන රක්ෂණ සමාගම් 05 ක් තීරණය කර තිබෙනවා.

එක් අයෙකුට උපරිමය ඩොලර් 620 ක් වන පරිදි ඩොලර් බිලියන 1.6 ක මුදලක් මෙලෙස ගෙවා දැමීමට නියමිතයි.

පසුගිය කොවිඩ් වාතාවරණය සමයේදී උපයන ලද ලාභයෙන් කොටසක් මෙලෙස ගණුදෙනුකරුවන් වෙත ගෙවා දැමීමටයි එම රක්ෂණ සමාගම් තීරණය කර ඇත්තේ.

Bupa, Medibank, CUA, HBF සහ AIA යන රක්ෂණ සමාගම් විසින් සිය ඇතැම් රක්ෂණ හිමියන්ට මුදල් ආපසු ගෙවන අතර ඇතැමුන්ට Premium කපා හැරීමක් සිදුවනවා.

කෙසේවෙතත් එක් එක් රක්ෂණ සමාගම අනුව ගෙවන මුදල් ප්‍රමාණය වෙනස්වනු ඇති.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »