වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අගමැතිනී ලෙස ප්‍රවාහන යටිතල පහසුකම් අමාත්‍ය ජසින්ටා ඇලන් තෝරා පත් කරගෙන තිබෙනවා.
වික්ටෝරියා ඉතිහාසයේ නියෝජ්‍ය අගමැති ධුරයට පත්වන දෙවන කාන්තාව වන්නේද ඇයයි.
අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ පක්ෂයේ අභ්‍යන්තර රැස්වීමේදී ඒකමතිකව මෙම නාමයෝජනාව සම්මත වූ බවයි.
මීට අමතරව ඉල්ලා අස්වූ ඇමතිවරුන් වෙනුවට නව පත් කිරීම්ද මෙහිදී සිදුකර තිබෙනවා.
ඔවුන් ලබන සඳුදා දිනයේදී දිවුරුම්දීමට නියමිත බව අගමැති ඩැනියල් ඇන්ඩෲස් ප්‍රකාශ කලා.