වික්ටෝරියා පාලක පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අභ්‍යන්තර රැස්වීමක් අද

වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ අභ්‍යන්තර රැස්වීමක් අද පැවැත්වෙනවා.

ඊයේ තනතුරුවලින් ඉල්ලා අස්වූ ඇමතිවරුන් 04 දෙනා වෙනුවට පත් කරන අය සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

ජේම්ස් මර්ලීනෝ ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය අගමැති ධුරයට අයෙකු පත් කර ගැනීමද මෙහිදී සිදුවනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් ඊයේ සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා.

කිසියම් අයුරකින් වෙනත් නම් ඉදිරිපත් වුවහොත් ඡන්ද විමසීමක් පවත්වා සුදුස්සන් තෝරා ගැනීමට නියමිතයි.

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »