PHOTOS : බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා පනින්න ගිය 35 ක් පානදුරේදී අල්ලයි

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත් පුද්ගලයන් 35 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව විසින් ඊයේ සවස් කාලයේ පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදීයි මෙම බහුදින ධීවර යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ.

එහිදී ජාවාරම්කරුවන් 05 දෙනෙකු ඇතුළුව පිරිමි පුද්ගලයන් 25 ක්, කාත්තාවන් 04 ක් හා ළමුන් 06 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගෙන තිබුණා.

සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරනය වූ බව නාවික හමුදාව සඳහන් කලා.

සැකකරුවන් පිරිස, ත්‍රිකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔවුන් නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදී තිබෙනවා.

 

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමං වෙයි

එයාර් වනුවාටු ගුවන් සේවයේ ගමන් අත්හිටුවීම හේතුවෙන් හයිව් රොටරි ක්ලබ්හි ඔස්ට්‍රේලියානු ස්වේච්ඡා සේවකයන් පිරිසක් ටැනා දූපතේ අතරමංවී ඇතැයි වාර්තා වනවා.

Read More »

රුසියානු යුක්රේන යුද්ධයට ගිය ශ්‍රී ලාංකිකයන් ගැන දුක හිතෙන කතාවක්

රුසියානු යුක්රේන යුද්ධයේදී කුලී හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »