ලබන 30 – ජූලි 01 වීසා අයදුම් කරන්නන්ට ස්වදේශ දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදා රාත්‍රී 07 සිට ජූලි 01 වනදා පෙරවරු 09 වනදා දක්වා කාලය තුළ සිය ඔන්ලයින් පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් සේවා කිහිපයකට එම කාලසීමාවේදී පිවිසීමට නොහැකි වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ජූනි 30 වනදා සිට ජූලි 01 දා දක්වා කාලය තුළ වීසා බලපත්‍රය කල් ඉකුත් වන අයෙකු වෙතොත් ජූනි 30 වනදා රාත්‍රී 07 ට පෙර ඊළග වීසා අයදුම්පත ගොණු කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

අදාළ කාලයෙන් පසුවද ‘Service Temporarily Unavailable ලෙස Error message එකක් ලදහොත් විනාඩි කිහිපයකින් පසු නැවත උත්සාහ කරන්නැයිද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.

ලබන 30 වනදා රාත්‍රී 07 සිට ජූලි 01 වනදා පෙරවරු 09 වනදා දක්වා කාලය තුළ පිවිසීමට නොහැකි වන සේවා පහත පරිදියි.

  • ImmiAccount
  • eLodgement (online visa and citizenship applications)
  • Visa Entitlement Verification Online (VEVO)
  • LEGENDcom
  • Australian Trusted Trader
  • Employment Suitability Clearances
  • Detention Visitor Application
  • APEC Business Travel Card (ABTC)
  • Humanitarian Entrants Management System (HEMS)
  • Adult Migrant English Program Reporting and Management System (ARMS)
  • Education Provider Report (eBIT)
  • Visa Pricing Estimator
  • MSI Register
  • Australian Migration Status (AMS) Training Portal
  • Online Payment Portal

ඔස්ට්‍රේලියාවේ Small Business Champions සම්මාන උලළේ අවසන් 7 දෙනා අතරට ශ්‍රී ලාංකීය සමාගමක්

ඔස්ට්‍රේලියන් Small Business Champions සම්මාන උලළේදී හොදම Food manufacturing company ඛාණ්ඩයේ අවසන් 7 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික හිමිකාරිත්වය සහිත සමාගමකට හැකි වී තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »