
තම නගර සභා බල ප්‍රදේශයේ සියලුම මාර්ගවල රථවාහන ධාවනය කල හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40 දක්වා අඩු කිරීමට සිඩ්නි Inner West කවුන්සිලය සුදානම් වනවා.
විශේෂයෙන් මහමග ගන්නා පදිකයන්ගේ ආරක්ෂාව සළකා මෙම පියවර ගැනීමටයි ඔවුන් සූදානම් වන්නේ.
උපරිම වේගය පැයට කිලෝමීටර් 10 කින් අඩු කිරීම යනු මාරක රිය අනතුරු සංඛ්‍යාව අඩකින් පමණ අඩු කිරිමක් බවයි Inner West කවුන්සිල බළධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇතැම් ප්‍රදේශවාසීන් දැඩි විරෝධය පළකරනවා.
පැයට කිලෝමීටර් 40 ක් වැනි අඩු අගයකින් රිය ධාවනය කලහොත් මහමග රැඳීසිටීමට සිදුවන කාලය වැඩිවන බවයි ඔවුන් අවධාරණ කරන්නේ.
