Search

Update : ඇෆ්ඝන් භූමිකම්පාවෙන් 1,000 කට ආසන්න පිරිසක් මරුට

ඇෆ්ඝනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 1000 කට ආසන්න වී තිබෙනවා.

එරට බළධාරීන් සඳහන් කලේ මේ වනවිට 920 දෙනෙකු මියගොස් ඇතැයි තහවුරු කරගෙන ඇති බවයි.

තවත් 600 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 6.1 ක් ලෙසයි මෙම භූමිකම්පාව වාර්තා වී ඇත්තේ.

සුන්බුන් අතර සිරවී සිටින පිරිස් අතරද තුවාල ලැබූ සහ මියගිය පිරිස් සිටිය හැකි බැවින් සමස්ත මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා යා හැකි බවටයි අනාවැකි පළවන්නේ.

මෙම කම්පනයේ බලපෑම කිලෝමීටර් 500 ක් පමණ දුරින් පිහිටි ඉන්දියාවට සහ පකිස්ථානයටද දැනී ඇතැයි ඇෆ්ඝන් වාර්තාවල සඳහන්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »