
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා.
ධම්මික පෙරේරා බොහෝ දුරට අද දිනයේදීම තාක්ෂණ හා ආයෝජන අමාත්‍ය ධුරයේද දිව්රුම් දෙනු ඇති බව සඳහන්.
බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනුයි පොදුජන පෙරමුණ විසින් ඔහුගේ නම පසුගියදා මැතිවරණ කොමිසමට යොමුකර තිබුණේ.

අනතුරුව එය ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කෙරුණා.
කෙසේවෙතත් ධම්මික පෙරේරා ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොණු කර තිබීම හමුවේ ධම්මික පෙරේරා දන්වා තිබුණේ ඒ සම්බන්ධ තීන්දුවක් හිමිවන තුරු තමා දිව්රුම් නොදෙන බවයි.

ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලේ අදාළ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.