ධම්මික පෙරේරා අද මන්ත්‍රී – ඇමති ධුරවල දිවුරුම් දෙයි

DHAMMIKA PERERA

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා අද පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම හමුවේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනුයි පොදුජන පෙරමුණ විසින් ඔහුගේ නම පසුගියදා මැතිවරණ කොමිසමට යොමුකර තිබුණේ.

අනතුරුව එය ගැසට් මගින්ද ප්‍රකාශයට පත් කෙරුණා.

කෙසේවෙතත් ධම්මික පෙරේරා ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ගොණු කර තිබීම හමුවේ ධම්මික පෙරේරා දන්වා තිබුණේ ඒ සම්බන්ධ තීන්දුවක් හිමිවන තුරු තමා දිව්රුම් නොදෙන බවයි.

ඊයේ දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලේ අදාළ පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.

ඒ අනුව ධම්මික පෙරේරා අද මන්ත්‍රී ධුරයේ දිව්රුම් දීමට නියමිත අතර බොහෝ දුරට අද දිනයේදීම තාක්ෂණ හා ආයෝජන අමාත්‍ය ධුරයේද දිව්රුම් දෙනු ඇති බව සඳහන්.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »