
ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ Skilled Visa කෝටා සම්බන්ධ තොරතුරු නිකුත් කර තිබෙනවා.
2021-22 වසර සඳහා Employer Sponsored කාණ්ඩයෙන් වීසා බලපත් 22,000 ක් නිකුත් කර තිබූ අතර ලබන මූල්‍ය වසර සඳහා එය 30,000 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
Skilled Independent යටතේ පසුගිය වසර සඳහා පැවති වීසා කෝටාව 6,500 ක් වූ අතර ඉදිරි වසරේදී එය 16,652 ක් දක්වා වැඩිවනු ඇති.

ප්‍රාදේශීය කලාප සඳහා 2021-22 වසරට පැවති වීසා කෝටාව 11,200 ක් වූ නමුත් 2022-23 වසර සඳහා එය 25,000 ක් ලෙස ඉහළ දමා තිබෙනවා.
ප්‍රාන්ත රජයන් විසින් නිර්දේශ කරන වීසා බලපත් ගණන පසුගිය මූල්‍ය වර්ෂයේදී පැවතියේ 11,200 ක් ලෙසයි. එය ලබන වසරේදී 20,000 ක් දක්වා වැඩිවනු ඇති.

ව්‍යාපාරික වීසා සංඛ්‍යාව 13,500 සිට 9,500 දක්වාත් Global Talent වීසා කාණ්ඩය යටතේ පැවති 15,000 ක වීසා ප්‍රමාණය 8,448 දක්වාත් අඩු කර තිබිම විශේෂත්වයක්.