මෙල්බන් හැර ක්වන්ටාස් ගුවන් ගමන්වල Face mask රෙගුලාසි ඉවතට

ජාත්‍යන්තර ගමනාන්ත කිහිපයක ගුවන් ගමන්වලදී ගුවන් යානා තුළදී මුහුණු ආවරණ භාවිතය අද සිට ඉවත් කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ටේ්‍රලියා සිට අමෙරිකාව – මහා බ්‍රිතාන්‍යය සහ ඉතාලියේ රෝමය දක්වා සිදුකරන ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ භාවිතය අවශ්‍ය වන්නේ නැහැ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොවිඩ් රෙගුලාසි හමුවේ මෙල්බන් නුවරින් ගමන් ආරම්භ කරන ගුවන් ගමන්වලදී තවදුරටත් ඒවා පැළඳ සිටිය යුතු වනවා.

කෙසේවෙතත් තවදුරටත් ගුවන් යානා තුළදී මුහුණු ආවරණ පැළඳීමට කැමති ගුවන් මගීන් හෝ කාර්ය මණ්ඩල වෙත ඒ සඳහා කිසිදු බාධාවක් පවතින්නේ නැහැ.

අභ්‍යන්තර ගුවන් ගමන්වලදී තවදුරටත් මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය බව ක්වන්ටාස් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »