මෝටර් රථවල නිදාගන්නන්ට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයෙන් සුභ පණිවිඩයක්

නිසි නිවහනක් නොමැතිව මෝටර් රථවල රැය පහන් කරන ජනතාව වෙනුවෙන් නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

පලමු අධියරේදී නිවාස 1200 ක් ඉදි කෙරෙන අතර පුද්ගලික නිවාස ඉදි කිරීම් සමාගමක හවුල්කාරීත්වයද ඊට හිමිවනවා.

වසර 04 ක කාලයක් තුළදී නිවාස 7400 ක් ඉදි කර අවසන් කිරීමටයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සැළසුම් කරමින් සිටින්නේ.

ඒ අනුව 2023 – 2025 කාලසීමාවේදී නව නිවාස ව්‍යාපෘති 07 ක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ක්වීන්ස්ලන්ඩ් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ සමාජ නිවාස පොරොත්තු ලේඛනයට ඇතුළත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 50,301 ක්.

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »