නිවු සවුත් වේල්ස් අයවැය අද

ඔස්ටේ‍රලියාවේ වැඩිම පිරිසක් වාසය කරන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 2022-23 වසර සඳහා වන අයවැය ලේඛනය අද ඉදිරිපත් කෙරෙනවා.

පවතින ජීවන බර සහ උද්ධමනය සළකා ප්‍රාන්ත වාසීන්ට සහන සැළසෙන අයවැයක් ඉදිරිපත් කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එමෙන්ම අධ්‍යාපනය – රැකියාවල නියුතු කාන්තාවන් – මාර්ග ව්‍යාපෘති සහ සෞඛ්‍යය වැනි අංශ සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කෙරෙනු ඇතැයිද සඳහන්.

අයවැය හිගය පියවා ගැනීම සඳහා වාර්තාගත ණය මුදලක්ද මෙවර නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැයට අන්තර්ගත වනු ඇති.

නිවු සවුත් වේල්ස් භාණ්ඩාගාරික මැට් කීන් විසිනුයි අද අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ලබන්නේ.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »