ඇබොරිජින් ධජය සිඩ්නි පාලමේ ස්ථිරවම ප්‍රදර්ශනයට $ මිලියන 25 ක්

ඇබොරිජින්වරුන්ගේ ධජය සිඩ්නි වරාය පාලමේ ස්ථිරවම ප්‍රදර්ශනය කිරීම මෙම වසර අවසානයේ සිට සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටේ පැවසුවේ වරාය පාලමේ 03 වන ධජ කුළුණක් ඉදි කිරීම සහ නඩත්තුව සඳහා ඩොලර් මිලියන 25 ක මුදලක් වෙන් කිරීමට නියමිත බවයි.

ඊට අදාළ යෝජනාව අනිද්දා ඉදිරිපත් කෙරෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැය ලේඛනයට ඉදිරිපත් කෙරෙනු ඇති.

දැනටමත් සිඩ්නි වරාය පාලමේ ඔස්ටේ්‍රලියානු ධජය සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත ධජය ප්‍රදර්ශනය කරමින් පවතිනවා.

ඔස්ටේ්‍රලියානු ආදිවාසීන්ට ගෞරවය පුද කිරීම සඳහා මෙවැනි තීරණයක් ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවයි අගමැති පෙරෝටේ සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »