ශ්‍රී ලංකා සංචාරයේදී 07 වන ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයාත් ආබාධයකට

ශ්‍රී ලංකාව සමග හෙට පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගය සදහා ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ස්ටීව් ස්මිත් ක්‍රීඩා නොකිරීමේ වැඩි ඉඩක් ඇතැයි වාර්තා පළ වනවා.

දෙරට අතර පැවති දෙවන එක්දින තරගයේදී ස්මිත් සුළු ආබාධ තත්වයකට ලක්වුනා.

එක්දින තරගාවලියෙන් පසුව දෙරට අතර ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ස්මිත්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය බැවින් ඔහුට

හෙට තරගයේදී විවේකයක් ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා තරගාවලිය අතරතුරදී මේ දක්වා ආබාධ වලට ලක් වූ ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් සංඛ්‍යාව 07 ක්.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »