කොවිඩ් පාලනයට ඔස්ටේ්‍රලියා රජයෙන් තවත් $ මිලියන 760 ක්

කොවිඩ් අරමුදල් වෙන් කිරිම ලබන දෙසැම්බර් 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජාතික කැබිනෙට්ටුව එකගතාවය පළකලා.

ඒ යටතේ වෙන් කෙරෙන අමතර මුදල ඩොලර් මිලියන 760 ක්.

අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අගමැතිවරයා ලෙස සහභාගී වූ පළමු ජාතික කැබිනට් රැස්වීම අද පැවැත්වුණා.

එහි වැඩිම අවධානයක් යොමුකර තිබුණේ සෞඛ්‍ය සහ සංක්‍රමණය පිළිබඳවයි.

පුහුණු නිපුණතා සේවක හිගය මගහරවාලීමට ගත හැකි පියවර ජාතික කැබිනෙට්ටුවේදී වැඩි අවධානයක් යොමුකල කරුණක් වී තිබුණා.

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »