Search

සති අන්තයේදී ඔස්ටේ්‍රලියාවේ කිසිදු කලාපයක විදුලි කප්පාදුවක් නෑ – AEMO

සති අන්තයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ඔස්ටේ්‍රලියාවේ බලශක්ති වෙළඳපොළ ක්‍රියාකරු වන AEMO පවසනවා.

එය සියලුම කලාපවලට බලාත්මක වන බවයි ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

https://twitter.com/AEMO_Energy/status/1537629763288051713?s=20&t=7pTFi7HEqaUtUlVMUTXgyg

හදිසි මිළදී ගැනීම් අත්හිටුවීමත් සමග විදුලිය උත්පාදනය සැළකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පවතින තත්වය හමුවේ නිවු සවුත් වේල්ස් හි දිනකට පැය 02 ක විදුලිය ඉතිරිකිරීමක් සිදුකරන ලෙස AEMO විසින් ඊයේ ඉල්ලා සිටියා.

බලශක්ති අවශ්‍යතාවය සම්බන්ධයෙන් විමසිල්ලෙන් බලා සිටින බවයි AEMO වැඩිදුරටත් පවසන්නේ.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »