Search

Job Ready Program (JRP) සඳහා ජූලි 01 දා සිට වෙනස්කම් කිහිපයක්

Job Ready Program (JRP) සඳහා ජූලි පළමුවනදා සිට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති අධියර 04 ක වැඩසටහන අධියර 03 ක් බවට පත්වනවා.

Trade Recognition Australia පවසන පරිදි මෙහි ප්‍රථිඵලයක් ලෙස Provisional Skills Assessment (PSA) අයදුම්පත් භාර ගැනීම ජූනි 30 වනදා පස්වරු 04 ට අවසන් කෙරෙනවා.

ජූලි පළමුවනදා වනවිට PSA අයදුම්පත් භාර දී නොමැති අයට එදිනෙන් පසු නව සංශෝධන යටතේ අයදුම්පත් යොමු කිරීමට සිදුවනවා.

ජූලි 01 ට පෙර PSA අයදුම්පත් යොමු කර ඇතත් ප්‍රථිඵලයක් ලැබී නොමැති අයට පැවති ක්‍රමය යටතේ ප්‍රථිඵලයක් ලැබෙනු ඇති.

 

 

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »