Search

අඛණ්ඩව 07 වන මාසයටත් ඔස්ටේ්‍රලියාවේ රැකියා නියුතුවූවන් ගණන ඉහළට

ඔස්ටේ්‍රලියාවේ විරැකියා අනුපාතය සියයට 3.9 ක් ලෙස නොවෙනස්ව පවතින බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.

මැයි මාසයේදී නව රැකියා 61,000 ක් බිහිවී ඇති අතර එය අප්‍රේල් මාසයට වඩා රැකියා 4,000 ක ඉහළ යාමක්ද වනවා.

පාසල් නිවාඩුව – පාස්කු සමය – ජල ගැලීම් වැනි කරුණු හමුවේ අප්‍රේල් මාසයේ රැකියා සංඛ්‍යාව තරමක් පහළ ගොස් තිබුණා.

මේ අනුව අඛණ්ඩව 07 වන මාසයටත් රැකියා නියුතුවූවන් ගණන ඉහළ ගිය 07 වන මාසය බවට මැයි මාසය පත්වනවා.

ඒ 2021 ලොක්ඩවුන් තත්වය අවසන්වීමෙන් පසු වාර්තා අනුවයි.