
ක්‍රවුන් විනෝදාත්මක මධ්‍යස්ථානය අමෙරිකානු සමාගමකට පැවරිම සඳහා ෆෙඩරල් අධිකරණයක් විසින් අනුමැතිය දී තිබෙනවා.
නව සමාගමට නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලින් සූදු ක්‍රීඩා බලපත්‍ර පවා දී තිබීම ඊට ප්‍රධාන හේතුවයි.
මේ අනුව ඊයේ දිනයේ සිට ක්‍රවුන් සමාගමේ කොටස් වෙළඳපොළ ගණුදෙනු අත්හිටුවෙනු ඇති.

මෙතෙක් ක්‍රවුන් කොටස් අත්කරගෙන සිටි සියල්ලන්ට එක් කොටසක් සඳහා ඩොලර් 13.10 ක මුදලක් ගෙවා හෙට දිනයේදී සමාගම ඈවර කිරීමටද නියමිතයි.
