ගමනාන්ත කිහිපයක ක්වන්ටාස් ගුවන් ගමන් සඳහා Face mask නීති ඉවතට

තෝරා ගත් ජාත්‍යන්තර ගුවන් ගමන් කිහිපයකදී ගුවන් යානය තුළ මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

මේ අනුව අමෙරිකාව – යුරෝපය සහ මහා බ්‍රිතාන්‍යය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන්වලදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය වන්නේ නැහැ.

කෙසේවෙතත් අනෙකුත් සෑම ගුවන් ගමනකදීම මෙන්ම අභ්‍යන්තර ගුවන්වාර වලදීත් සාමාන්‍ය පරිදි මුහුණු ආවරණ පැළඳිය යුතු වනවා.

නිරන්තරයෙන් වායු පිරිසිදුකාරක යොදන්නේ නම් ගුවන් යානය තුළදී වෛරස සම්ප්‍රේෂණය ඉතා අවම බවට තහවුරුවීම සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

හෙට එනම් සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ඔස්ටේ‍රලියාව පුරා ගුවන් තොටුපළ තුළදී මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොවනු ඇති.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »