නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ නැවතත් විදුලි කප්පාදු සිදුවන ළකුණු පළවි තිබෙනවා.
ඊට ප්‍රධාන හේතුව වන්නේ විදුලිය මිළදී ගැනීම් නතර කිරීමට බලශක්ති නියාමන ආයතනය විසින් පියවර ගැනීමයි.
AEMO විසින් මෙවැනි පියවරක් අනුගමනය කල පළමු අවස්ථාවද මෙය වනවා.
ක්වීන්ස්ලන්ඩ් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – නිවු සවුත් වේල්ස් සහ යන ප්‍රාන්තවල විදුලි සැපයුමට මෙය සෘජුවම බලපාන අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයටයි.
එබැවින් හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස AEMO විසින් ඉල්ලීමක් කර සිටිනවා.