ඔස්ටේ්‍රලියාවේ නිවාස වටිනාකම ඩොලර් ට්‍රිලියන 10 පනී

ඔස්ටේ්‍රලියාව තුළ නේවාසික නිවාසවල වටිනාකම ඉතිහාසයේ පළමු වරට ඩොලර් ට්‍රිලියන 10 ඉක්මවා ගොස් තිබෙනවා.

2021 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව 2022 මාර්තු කාර්තුවේදී සමස්ත වටිනාකම ඩොලර් බිලියන 221.2 කින් ඉහළ ගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තා පෙන්වාදෙන්නේ.

මේ අනුව 2021 දෙසැම්බර් කාර්තුවේ නිවසක සාමාන්‍ය වටිනාකම ලෙස පැවති ඩොලර් 925,3000 මේ වනවිට ඩොලර් 941,900 දක්වා වැඩිවි ඇතිවී බව සඳහන්.

ඔස්ටේ්‍රලියාව තුළ වැඩිම නිවාස වටිනාකම සහිත ප්‍රාන්ත ලෙස සටහන් වන්නේ නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්තයි.

රටේ සමස්ත නිවාස වටිනාකමින් සියයට 40.1 ක් හෙවත් ඩොලර් ට්‍රිලියන 4.1 කට හිමිකම් කියන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයයි.

වික්ටෝරියා ප්‍රාන්තය දෙවන ස්ථානයට පත්ව සිටින්නේ ඩොලර් ටි්‍රිලියන 2.7 ක් හෙවත් සියයට 26.9 ක ප්‍රතිශතයක් සහිතවයි.

නගර වශයෙන් සැළකීමේදී සිඩ්නි නුවර නිවසක් ඩොලර් 12 ලක්ෂ 45 දහසක් දක්වාද මෙල්බන් හි නිවසක් ඩොලර් 930,000 දක්වාද ඉහළගොස් තිබෙනවා.

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »