ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍යයට වැය කරන මුදල අඩුවෙයි

ඔස්ටේ්‍රලියානුවන් සෞඛ්‍ය සඳහා වැය කරන මුදල අඩු වී තිබෙනවා.

2021 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී එය සියයට 1.4 කින් පමණ පහළ ගොස් ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ.

කෙසේවෙතත් කාණ්ඩ 09 ක් සැළකීමේදී සමස්තයක් ලෙස සෞඛ්‍ය හැර අනෙකුත් සෑම අංශයකින්ම වියදම් කිරීම පෙර වසරට සාපේක්ෂව සියයට 7.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

විනෝදාස්වාදය – සිල්ලර මිළදී ගැනීම් – ප්‍රවාහනය සහ ආගන්තුතක සත්කාරය වැනි අංශ ඒ අතර වනවා.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදි වැඩිම වියදම් කිරීම් ප්‍රතිශතය ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් සටහන් කර ඇත්තේ සියයට 11.4 ක් ලෙසයි.

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »