
රැකියාවක් කිරීමට හෝ වෙනත් ඵලදායි කාර්යයක නිරත වීම පිණිස රාජ්‍ය නිලධාරින්ට වැටුප් රහිත විදේශ නිවාඩු ලබාගැනීමට හැකි වන පරිදි දැනට පවතින විධිවිධාන සංශෝධන කරමින් අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මින් පෙර පැවති විධි විධාන අනුව එකි කාල සීමාව විශ්‍රාම වැටුප් ගණනය සදහා සැලකිල්ලට නොගැනීම / ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් සිදුවීම හා වෙනත් කොන්දේසි හේතුවෙන් රජයේ සේවකයින් එලෙස නිවාඩු ලබා ගැනීම කෙරෙහි එතරම් උනන්දුවක් නොදැක්වීම නිරීක්ෂණය වී ඇති බව සදහන්.
2017 අංක 12 දරණ විදේශ විනිමට පනතේ 22 වන වගන්තිය යටතේ නව නියමයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

එම පනතේ නියමයන් නිකුත් කිරීම සදහා 2021 දෙසැම්බර් මස 06 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.
එම නියමය මගින් පනවන ලද සීමා තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිණිස නව නියමයක් නිකුත් කිරීමට යෝග්‍ය බවට ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙනවා.
