තවත් අනවසර සංක්‍රමණික බෝට්ටුවක් ඔස්ටේ්‍රලියානු වෙරළාරක්ෂක භාරයට

අනවසර සංක්‍රමණිකයන් රැගත් තවත් බෝට්ටුවක් කොකොස් දූපත ආසන්නයේදී ඔස්ටේ්‍රලියානු වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබෙනවා.

එරට ෆෙඩරල් මැතිවරණය පැවති පසුගිය මැයි 21 වනදායින් පසු වෙරළාරක්ෂක බලකාය විසින් සිය භාරයට ගත් 03 වන බෝට්ටුව මෙයයි.

කෙසේවෙතත් කුමන රටක සංක්‍රමණිකයන් මෙහි ගමන් කරන්නේ දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැතැයි ඔස්ටේ්‍රලියානු වෙරළාරක්ෂක බලකාය සඳහන් කලා.

ඇතැම්විට මීට දින කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවෙන් පළාගිය බවට සැකකෙරෙන නීති විරෝධී සංක්‍රමණිකයන් එහි ගමන් කරන බවට ද නිල නොවන වාර්තාවල සඳහන්.

පසුගිය සති කිහිපය ලාංකිකයන් 300 කට ආසන්න පිරිසක් මෙලෙස ඔස්ටේ්‍රලියාවට යාමට තැත් කර ඇති බව සඳහන්.

ඔවුන් අතුරින් බෝට්ටු 02 ක පිරිස ආපසු හරවා යවනු ලැබුවා.

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »